ශ්‍රී ලංකාවේ ජීවන් මෙන්ඩිස් නියෝජනය කරන කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් බාබඩෝස් කණ්ඩායම 2014 වසරේ කැරිබියන් ප්‍රිමියර් ලිග් පන්දුවාර විස්සයි20 ලීග් ක්‍රිකට් ශූරතාව හිමි කරගැනීමට සමත් විය. ඒ ගයනා කණ්ඩායමේ ඩක්වරත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 8කින් පරාජය කරමිනි.
කාසියේ වාසිය දිනාගත් ගයනා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව බාබඩෝස් කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 152 ක් රැස් කළේය. ඒ සඳහා ඔවුන්ට කඩුලු 6ක් වැය විය. ජීවන් මෙන්ඩිස් එක් හයේ පහරක් හා හතරේ පහරක් සමගින් ලකුණු 15ක් රැස් කළේය. ඩ්වේන් ස්මිත් හා ශොයිබ් මලික් අර්ධ ශතක රැස් කරමින් බාබඩෝස් ඉනිම ශක්තිමක් කළහ.
තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා දිනේෂ් රාම්දීණ්ගේ නායකත්වයෙන් යුත් ගයනා කණ්ඩායම ලකුණු 116 ක ඉලක්කයක් හිමි විය. නමුත් නියමිත පන්දුවාර 15.5 නිමවාන විට ඔවුන්ට රැස් කළ හැකිවුයේ ලකුණු 107 ක් පමණි. ජීවන් මෙන්ඩිස් එක් පන්දුවාරයක යොමු කළේය. තරයේ වීරයා ලෙස ශොයිබ් මලික් සම්මාන ලැබීය.
බාබඩොස් කණ්ඩායම 152/6 (පන්දුවාර 20)
ඩ්වේන් ස්මිත් 59 (පන්දු 52)
සෙයිව් මලික් නොදැවී 55 (පන්දු 42)
ජීවන් මෙන්ඩිස් 15 (පන්දු 13)
ක්රිෂ්මාර් සැන්ටොකී 3/19 (පන්දුවාර 4)
සුනිල් නාරින් 2/20 (පන්දු වාර 4)
ගයනා ඇමසන් 107/4 (පන්දුවාර 15.5)
මොහොමඩ් හෆීස් 20 (පන්දු 27)
ලින්ඩ්ල් සීමන්ස් 20 (පන්දු 26)
ජිම් නීසාම් 17 (පන්දු 17)
ජේසන් හෝල්ඩර් 2/18 (පන්දුවාර 2.4)
රයිඩ් එමිරික් 3/25 (පන්දු වාර 3)