ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට තිබේ.
කෙසේ වෙතත් ජීවන් මෙන්ඩිස්ගේ තත්ත්වය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම වාර්තාව එහි තාක්ෂණික කමිටුවට යොමුකර ඔහු වෙනුවට උපල් තරංග කණ්ඩායමට කැඳවීමට අවශ්‍ය අවසරය ලබාගත යුතුය.
මේ අනුව උූපුල් තරංග ඉතාමත් ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට කැඳවන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු හා නායක ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා තිබෙන බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.