පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වූ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් පිරිමි කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තුවක් තබාසිටි ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගෙන් කුඩම්මාගේ සැලකිලි ලැබී ඇතැයි වාර්තා වේ. මෙම කණ්ඩායමට සහභාගීවූ එක් පුහුණුකරුවෙකුගේ පුතෙකුද මෙම සංචිතයේ සිටින බැවින් ඔහුගේ දක්ෂතාවන් ඉහළින් ඔසවා තැබීමේ අරමුණින් මෙම ක්‍රීඩකයාව නොසලකා හැර ඇති අතර, ඔහුගේ මානසිකත්වය බිඳවැටෙන ප්‍රකාශ පවා නිකුත් කර ඇති බව සඳහන් වෙයි. කෙසේ නමුත් මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුට හිතවත් විදෙස් පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් තරගවලට මුහුණදී ඇත.
මේ සම්බන්ධයෙන් අප ජාතික ජිම්නාස්ටික් සංගමයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, තමන්ට එවැනි තොරතුරක් වාර්තා නොවු බවත්, එවැන්නක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම කටයුතු කරන බවත්ය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගීවූ අතර, පුහුණුකරුවන් දෙදෙනෙක්ද සහභාගී වූහ.