එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 04ක පහසු ජයක් ලබමිනි. තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මිලින්ද සිරිවර්ධනයි. කුරුණෑගල වෙලගෙදර පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවා 40.2කදී සියල්ලන්ම දැවී ලකුණු 184ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවර 37කදී කඩුලු හයක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. තරගයේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ තුන් ඉරියව් කීඩක ෂෙහාන් ජයසූරිය පන්දු යැවීමෙන් ලකුණු 35ට කඩුලු පහක් හා පන්දුවට පහරදීමෙන් පන්දු 83කදී ලකුණු 83ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් හා හතරේ පහර 08ක් ඇතුළත් විය.