ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බනධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ක්‍රිකට් නිලවරණය තාවකාලිකව අත්හිටුවාලමින් ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳව ඊයේ (30දා) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බෙව පැවැසීය.
“මම අනාවැකි කියන එක හොඳ නෑ. තීන්දුව බලලා නෑ. මේ අමාත්‍යාංශය තුළින් ජනපතිතුමා මට විශාල වගකීමක් පවරා තිබෙනවා. එතුමත් එක්ක සාකච්ඡා කර රටට සරිලන තීන්දුවක් ගන්න ලෑස්තියි. තීන්දුව සළකා බලලා තීන්දුව අනුම කටයුතු කරන්න ලෑස්තියි.”