චෙන්නායි ලකුණු 27ක ජයක් ලබයි
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඊයේ (22දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 27ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසායේ ලකුණු 181/8 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුරේෂ් රෙයිනා පන්දු 32කදී ලකුණු 62 රැස් කළේය. එම ඉනිම ඔහු හතරේ පහර 04 ක් හා හා හයේ පහර 06කින් වර්ණවත් විය. බැංගලෝර් වෙනුවෙන් යුස්වේන්ද්‍ර චාහල් 3/40 ක් ලෙස කඩුලු දවාළමින් දක්ෂතා දැක්වීය.
ලකුණු 182 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 154/8 ක් පමණි. විරාට් කෝලි රැස්කළ ලකුණු 51 (42) හැරෙන්න වෙනත් පිතිකරුවෙකුගෙන් කණ්ඩායමේ ජයග්‍රහණයට අවැසි ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය. ක්‍රිස් ගේල් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර, දුවද්දී දැවී යාමකට හසුවූ ඩිවිලියර්ස්ටද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 14 ක් පමණි. බැංගලෝර් පිතිකරුවන් මෙල්ල කළ අශීෂ් නෙහරා 4/10 ලෙස පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය. තරගයේ වීරයා ලෙස සුරේෂ් රෙයිනා සම්මාන දිනාගත්තේය.
චෙන්නායි 181/8 (පන්දුවාර 20)
සුරේෂ් රෙයිනා 62, ඩ්වෙන් ස්මිත් 39, ඩු ප්ලෙසිස් නොදැවී 33, එම්.එස්. දෝනි 13, යුස්වෙන්ද්‍ර චාහල් 3/40, ඉක්බාල් අබ්දුල්ලා 2/36, මිචෙල් ස්ටාර්ක් 1/24
බැංගලෝර් 154/8 (පන්දුවාර 20)
විරාට් කෝලි 51, ඩෙවිඩ් වෙයිස් 22, මින්වින්දර් බිස්ලා 17, රිලී රූසෝව් 14, ඒ.බී. ඩිවිලියර්ස් 14, අශීෂ් නෙහරා 4/10, ඊෂ්වර් පාන්ඩේ 1/21
සන්රයිසර්ස් ලකුණු 16ක ජයක් ලබයි
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කර විසාඛාපට්නම්හි පෙරේදා (22දා) සද්යාවේ පැවැති තරගයකින් ඩක්වර්ත් ලුවිස් න්‍යයට අනුව ලකුණු 16ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 176/4 ක් රැස්කිරීමට සමත්විය. ඉනිම ඔසවා තැබූ ඩේවිඩ් වෝනර් පන්දු 55කදී වේගවත් ලකුණු 91 ක් රැස්කළ අතර, ශිකර් දවාන් ලකුණු 54 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොල්කටා පිතිකරුවෝ පන්දුවාර 12ක් ක්‍රීඩාකරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිව නවතා දැවීමට සිදුවිය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වනවිට ඔවුන් ජයග්‍රහණය සඳහා රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 118 ක් බැවින් තරගයේ සන්රයිසර්ස් කණ්ඩායමට හිමිවිය. තරගයේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනාගත්තේය.
හයිද්‍රාබාද් 176/4 (පන්දුවාර 20)
ඩේවිඩ් වෝනර් 91, ශිකර් දවාන් 54, නමන් ඕජා 18, මෝනේ මෝකල් 2/31, අන්ඩ්‍රෙ රසල් 1/6
කොල්කටා 101/4 (පන්දුවාර 12)
රොබින් උතප්පා 34, මනීෂ් පාන්ඩේ නොදැවී 33, අන්ඩ්‍රෙ රසල් 19, රවී බොපාරා 1/7