චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම පාරාජය කළ තරගාවලියේ 34 වැනි තරගයෙන් ලකුණු 22ක පහසු ජයක් හිමිකර ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. තරගය ඊයේ (02දා) රජිව් ගාන්ධි පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් සන්රියිසර්ස් කණ්ඩායම ලකුණු 192ක් රැස්කළේය.ඩේවිඩ් වෝනර් පන්දු 28කදී වේගවත් ලකුනු 61ක් රැස්කළේය. ඔහු ශිකර් දවාන් (37) හා එක්ව පන්දුවාර 8.1කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගීය. ඉයන් මෝගන්ද නොදැවී ලකුනු 32ක් රැස්කළේය. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ඩ්වේන් බ්රාවෝ ලකුනු 25ට කඩුලු 3 ක් දවාගත්තේය.
ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 170ක් පමණි. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් කිසිවෙකුටත් ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකිවිය. ෆෆ් ඩුප්ලෙසි (33), සුරේෂ් රයිනා (23) හා ඩ්වෙන් ස්මිත් (21) චෙන්නායි ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් විය. සන්රියිසර්ස් කණ්ඩායම වෙනුවෙන් භුවනේෂ්වර් කුමාර් හා මොයිසස් හෙනරික්ස් කඩුලු දෙක බැගින් දවාගත්හ. තරගයේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන ලැබීය.