චෙන්නායි කණ්ඩායමට පහසු ජයක්
- 28 04 2014
- 00:00
- {{hitsCtrl.values.hits}} views
- . .
ඩ්වේන් ස්මිත් හා බ්‍රෙන්ඩන් මැකලම් එක්ව පළමු කඩුල්ලට ගොඩ නැංවූ ලකුණු 85ක සබඳතාව හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් හයිද්‍රාබාද් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 145ක් රැස් කළේය. ආරොන් ෆින්ච් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර, ඩැරන් සාමි හා කරන් ශර්මා පන්දු 16කදී ලකුණු 36ක් රැස් කරමින් හයිද්‍රාබාද් ඉනිම ඔසවා තැබූහ.
තරගය ඊයේ (27දා) රාත්රියේදී සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ වීරයා ලෙස ඩ්වේන් ස්මිත් සම්මාන ලැබීය.
හයිද්‍රාබාද් 145/5 (පන්දුවාර 20)
ආරොන් ෆින්ච් 44 (පන්දු 45, 4x5)
ලෝකේෂ් රාහුල් 25 (පන්දු 27, 4x1, 4x1)
මෝහිත් ශර්මා 2/27 (පන්දුවාර 4)
චෙන්නායි 146/5 (පන්දුවාර 20)
ඩ්වෙන් ස්මිත් 66 (පන්දු 42, 4x4, 6x5)
බ්‍රෙන්ඩන් මැකලම් 40 (පන්දු 33, 4x3, 6x2)
භුවනේෂ්වර් කුමාර් 2/23 (පන්දුවාර 4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
