ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට ලෝක කුසලානය අහිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු තහවුරු කළ බව ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවය සඳහන් කරයි.
ඒ වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබෙන බවද පුහුණුකරු උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී චන්දිමාල් කළවයේ ආබාධයකට ලක්විය.