ශ්රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට සමගාවීව පැවැත්වෙන පුහුණු තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත්විය.
ඊයේ (30දා) ආරම්භ වූ තෙදින පුහුණු තරගයේ මුලින්ම ක්රිඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 89.1දී කඩුලු 6ට ලකුණු 318ක් රැස්කිරීමට සමත්විය.
පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් පන්දු 265කදී ලකුනු 108ක් වාර්තා කළේ හයේ පහර තුනක් හා හතරේ පහර හයක් සමගිනි.
කොදෙව් ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙයි. මෙහිදී ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා (65) හා කුසල් මෙන්ඩිස් (0) පිටියට පිවිසහ.
ආබාධයකින් අනතුරුව මෙම තරගයට ක්රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක් රැස්කළ අතර ඔහු ඉදිරියේදී පිතිකරුවෙක් ලෙස පමණක් ක්රීඩා කිරීමට නියමිතය.