සිය එක්දින දිවියේ සිවුවැනි ශතකය රැස්කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායාමේ උපනායක දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව දඹුල්ලේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී ඔහු ශතකය රැස්කිරිමට සමත්විය. සිය අවසන් එක්දින ඉනිම හතේදී අර්ධ ශතක පහක් හා එක් ශතකයක් වාර්තා කිරීමට චන්දිමාල් සමත්විය.
දිනේෂ් චන්දිමාල් ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙන්ම ශ්‍රී ලංකාවේදී රැස්කළ පළමු ශතකයද මෙය වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ට සීමා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර එයින් ලකුණු 102ක්ම චන්දිමාල් විය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස චන්දිමාල් දැවී ගියේය.