රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පෙරේදා (07දා) පැවැති තරගයට කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රීඩා නොකළේ ඔහු විවේක ගැන්වීම නිසා නොව කණ්ඩායමෙන් ඉවත් කළ නිසා බව බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසනවා.
මෙම තරගයේදී කෝලි සමග ආරම්භක පිතිකරුවා වශයෙන් කරන් රාහුල් කටයුතු කර අතර පූනේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 192ක ඉලක්කය කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යාමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. නායක විරාත් කෝලි තරගයේදී ශතකයක්ද වාර්තා කිරීමට සමත්වුණා.
"ගේල් විවේක ගැන්වූයේ නෑ, ඔහුගේ ස්ථානයට අපි ට්‍රැවිස් හෙඩ් යොදා ගත්තා" යැයි තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී කෝල් සඳහන් කළා.