මාටින් ගප්ටිල්ගේ හා කේන් විලියම්සන්ගේ සුපිරුදු ප්රවේගවත් පිතිහරඹය හේතුවෙන් පාකිස්ථානය සමගින් පැවති දෙවැනි පන්දුවාර විස්ස තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්තයේ හැමිල්ටන් හිදී ඊයේ (17දා) පැවති මෙම තරගයේ ලකුණු 169 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්රීඩකයෝ කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 17.4 ක් තුළදී එය සපුරා ගැනීමට සමත් වූහ.
නවසීලන්ත ජයග්රහණයේ නියමුවන් වූ මාටින් ගප්ටිල් ලකුණු 87 ක් හා කේන් විලියම්සන් ලකුණු 72 ක් බැගින් රැස් කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔවුන් දෙදෙනාටම හිමි විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් රැස් කිරීමට සමත් විය.
පාකිස්තානු ඉනිම ශක්තිමත් කළ උමාර් අක්මාල් පන්දු 24 කදී වේගවත් ලකුණු 57 ක් රැස් කළේය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් මිචෙල් මැක්ලෙනැහැන් කඩුලු 2 ක් බිඳ හෙළීය.
දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස තරගය ලකුණු 16 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වූ නිසා තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙසින් දෙපිළම සම තත්ත්වයේ පසුවේ.
මේ අතර මෙම තරගාවලියට කලකට පසු පාකිස්තාන වේග පන්දු යවන්නන් දෙපළක් වන මොහොමඩ් ආමීර් හා උමාර් ගුල් එක් වී තිබීම විශේෂත්වයක් විය. තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ මොහොමඩ් ආමීර් අන්තර්ජාතික ක්රිකට් තරගයකට එක් වූයේ වසර පහමාරකට පසුව වන අතර පාදයේ ආබාධ හේතුවෙන් උමාර් ගුල් ද කණ්ඩායමට නැවතත් එක් වූයේ මාස නමයකට පසුය.
පාකිස්තානය 168/7 (පන්දුවාර 20)
උමාර් අක්මාල් 56 (පන්දු 27, 4x4, 6x4)
ෂොයිබ් මලික් 39 (පන්දු 30, 4x5)
මොහොමඩ් හෆීස් 19 (පන්දු 27, 4x4, 6x4)
මිචෙල් මැක්ලෙනැහැන් 2/23 (පන්දුවාර 4)
කුරේ ඇන්ඩර්සන් 1/26 (පන්දුවාර 4)
නවසීලන්තය 171/0 (පන්දුවාර 17.4)
මාටින් ගප්ටිල් 87 (පන්දු 58, 4x9, 6x4)
කේන් විලියම්සන් 72 (පන්දු 48, 4x11)