කොළඹ ආනන්ද විදුහල පිරිමි ශූරතාවත්, නිට්ටඹුව කාන්තා කණ්ඩායම කාන්තා ශූරතාවත් දිනාගනිමින් මුරලි හාමනි කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (11දා) මුලතිව්හිදී නිමාවට පත්විය.
එකමුතු භාවය හා කණ්ඩායම් හැඟීම ඇති කරවීම මූලික පරමාර්ථය කරගනිමින් ගුණ ජය සතුට (Foundation of Goodness) පදනම සිවුවැනි වරටත් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.
යාපනය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චිය ප්‍රදේශවල පාසල් ක්‍රීඩාංගණ පහක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (07දා) ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා අවුරුදු 19 පහළ පාසල් පිරිමි කණ්ඩායම් 16 ක් හා අවුරුදු 23 පහළ කාන්තා කණ්ඩායම් 08 ක් මේ සඳහා සහභාගී විය.
කොළඹ ආනන්ද විදුහලට ලකුණු 24ක ජයක්
ගාල්ල රිච්මන්ඩ් විදුහල ලකුණු 24කින් පරාජය කර මුරලි හාමනි කුසලාන විස්සයි20 තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල පෙරේදා (11දා) සමත්විය.
මුලතිව්හි ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පන්දුවාර 20 අවසානයේ ලකුණු 137/8 ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රිච්මන්ඩ් විදුහලට පන්දුවාර 18.5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ දිනුක ජයරත්න තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ආනන්ද විදුහල 137/8 (පන්දුවාර 20)
කවීෂ්ක අංජුල 28, දිනුක ජයරත්න 26, රහල් අවිෂ්ක 20, ළහිරු අත්තනායක නොදැවී 19, අවිඳු තීක්ෂණ 2/25, කේ.කේ. කවීන් 2/27, කවිඳු එදිරිවීර 1/18, තිලංක උදේශාන් 1/20, ධනංජය ලක්ෂාන් 1/22
රිච්මන්ඩ් විදුහල 113/10 (පන්දුවාර 18.5)
කලිඳු සිරිවර්ධන 36, කමිඳු මෙන්ඩිස් 21, ධනංජය ලක්ෂාන් 20, පසිඳු බිම්සර 15, දිනුක ජයරත්න 3/10, සුපුන් වරාගොඩ 2/20, කවීෂ්ක අංජුල 2/32, අචිල ඉරංග 2/34
නිට්ටඹුව කාන්තා කණ්ඩායම ශූරතාව දිනයි
ඒකාබද්ධ කාන්තා කණ්ඩායම කඩුලු 05කින් පරාජය කර මුරලි හාමනි කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නිට්ටඹුව කාන්තා කණ්ඩායම සමත්විය. මෙම තරගය මුලතිව්හි ඔඩ්ඩුසුඩාන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඒකාබද්ධ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 109/7 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නිට්ටඹුව කාන්තා කණ්ඩායම එම ඉලක්කය තරගයේ 19.1 වැනි පන්දුවාරයේදී කඩුලු 05ක් පමණක් දැවී පසුකර යාමට සමත්විය.
ඒකාබද්ධ කාන්තා කණ්ඩායම 109/7 (පන්දුවාර 20)
පාරමී මහින්සලා 29, හර්ෂිතා මාධවී 25, ජනධි අනලි 20, සංජීවනී මධුෂිකා 2/6, ගයානි කාංචනා 1/19, ශානිකා තරුෂි 1/23
නිට්ඹුව කාන්තා කණ්ඩායම 112/5 (පන්දුවාර 19.1)
ශානිකා තරුෂි 25, පබසරා රනබාහු 21, සජීවනී මධුෂිකා නොදැවී 19, සචිනි නදීෂානි 2/15, සත්‍ය සන්දීපනී 2/20, කවීෂා දිල්හාරි 1/23