කොදෙව්වෝ ලෝක කුසලානයට සුදුසුකම් ලබති
2019 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැති තරගාවලියේදී සුපිරි හය දෙනාගේ වටයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත්වීමත් සමගිනි.
තරග පහකට ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම ඉන් තරග 4ක් ජයගනිමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය.
පස්වැනි තරගය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති අතර එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් කොදෙව් කණ්ඩායමට හිමිවිය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස්කිරීමට සමත්විය.
ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විට ස්කොට්ලන්ත කණ්ඩායම 35.2කදී ලකුණු 125/5ක් රැස්කරගෙන සිටියේය.
කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර ඒ වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම රැස්කරගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 131කි.
මෙම තරග සිම්බාබ්වේහිදී පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


