මේ වන විට ක්රියාත්මක වෙමින් පවතින බටහිර ඉන්දීය කොදෙව් - ඉන්දියා ක්රිකට් තරගාවලිය අත්හැර දැමීමට බටහිර කොදෙව් ඉන්දියානුවන් කටයුතු කර තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම, එරට ක්රිකට් ආයතනය අතර ඇතිවි තිබෙන ගැටලුවක් හේතුවෙනි.
ඉන්දීය කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර මේ වන විට ධර්මශාලා ක්රිකට් ක්රීඩාංගණයේ සිවුවැනි එක්දින තරගය ක්රියාත්මක වෙමින් පවතින අතර එම තරගයේ මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.
එම තරගයෙන් පසුව කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය නිම වන අතර ඒ හරහා එක් එක්දින තරගයක්, පන්දුවාර විස්සයි20 තරගයක්, හා ටෙසට් තරග තුනක් අත්හිටවේ.