ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ග්රැහැම් ෆෝඞ් මහතා ඊයේ (19 දා) පස්වරුවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවේදී පැවසුවේ
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පවතින තරගයේදී කොදෙව්වන පාලනය කිරීම සඳහා තම කණ්ඩායමට සැලැස්මක් ඇති බවයි ඊයේ (19දා) චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවක අමතමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා සඳහන් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල සතුව සිටින ප්‍රබල ක්‍රීඩකයන් පාලනය කිරීමට මේ තරගයේදී සැළසුම් කීපයක් අපි අතේ තියාගෙනයි එන්නේ. ඒ ලොකු ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණීම වැලැක්වීමටයි. මෙහිදී එම සැළසුම් මොනවාදැයි කථා නොකළ යුතුයි”
තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේදී ලකුණු 83 අතරට පැමිණිම හා මාලිංගට ලෝක කුසලානය අහිමිවීම ගැනත් ඔහු අදහස් ප්‍රකාශ කළා.
“ඩිල්ෂාන්ට පුහුණු තරග දෙකේදී හොඳ පන්දු දෙකක් වැටුණේ. එහිදී ඔහු අසාර්ථක වුණාම ඇතැම් අය කිව්වා ඔහු දස්කම් අතර නෑ කියලා. ඔහු පුහුණුවීම්වලදී හොඳින් පන්දුවට පහර දුන්නා. පළමු තරගයේදී අනගි ඉනිමක් ක්‍රීඩා කළා.
ලසිත් මාංග අහිමිවීම ඇත්තවශයෙන්ම අපිට ලොකු පාඩුවක්. ඔහුගේ හැකියාව නොමැතිවීම කණ්ඩායමට දැඩි හිඩසක්. ඉනිමේ අවසන් ඕවර යැවීමේ ඉතාමත් හොඳ සහජ හැකියාවක් මාලිංග සතුව තිබෙනවා. අපිට ඉනිම අවසන් කිරීමට ඒ හැකියාව ගොඩක් වැදගත් වුණා. ඒත් දැන් ඒ කටයුත්ත වෙනත් කෙනෙක් කළ යුතුයි”
යොහාන් භාසුර ඉන්දියාවේ බැංගලෝරයේ සිට