සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කිරීමට ජාතික කාන්තා තේරීම් කමිටුව කටයුතු කොට තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 14 දෙනෙක් නම්කොට තිබේ. එසේම තවත් ක්‍රීඩිකාවන් හත්දෙනෙක් සූදානම්ව තබාගැනීමටත් තේරීම් කමිටුව කටයුතු කොට තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස ඒෂානි ලොකුසූරිය කටයුතු කරයි. තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය 13දා ආරම්භ වන අතර 20දා නිමාවට පත්වෙයි.
ශ්‍රී ලංකා සංචිතය
චමරි අත්පත්තු (නායක), ප්‍රසාදිනී වීරක්කොඩි, නිපුනි හංසිකා, සඳුනි අබේවික්‍රම, ඩිලානි මනේදරා, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, අමා කාංචනා, ඉනෝකා රණවීර, සුගන්තිකා කුමාරි, ලසන්ති මදුෂානි, චතුරානි ගුණවර්ධන, මදුරි සමෘද්ධිකා
සූදානම් කර ඇති ක්‍රීඩිකාවන්
යශෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධිනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, චමරි ප්‍රබෝධිනී, නිලක්ෂි සිල්වා