කොදෙව් ඒ ලකුණු 317 ක් පසුපසින්
- 12 10 2014
- 18:08
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අතර සූරියවැවහිදී පැවැත්වෙන පළමු නිලනොවන සිවුදින ක්‍රිකට් තරගයේ අද (12දා) දෙවැනි දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 96 ක් රැස්කරගෙන සිටියේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පන්දුවාර 140.5 අවසානයේ සියල්ලන් දැවී 413 ක් රැස්කිරීමට සමත් විය. පසුගිය ඊයේ (11දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය.
ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 413/10 (පන්දුවාර 140.5)
දිමුත් කරුණාරත්න 139 (පන්දු 234, 4x10)
ළහිරු තිරිමාන්න 93 (පන්දු 272, 4x8)
දිනේෂ් චන්දිමාල් 87 (පන්දු 121, 4x9, 6x2)
ජෙහාන් මුබාරක් 25 (පන්දු 85, 4x3)
ශේන් ෂිලින්ෆෝඩ් 5/160 (පන්දුවාර 44.5)
නිකිට මිලර් 2/87 (පන්දුවාර 35)
ශනොන් ගේබ්‍රියල් 2/43 (පන්දුවාර 15)
කොදෙව් 'ඒ' පළමු ඉනිම 96/7 (පන්දුවාර 39)
ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 24 (පන්දු 24, 4x4)
අසාට් ෆුඩාඩින් 32 (පන්දු 32, 4x3)
ක්‍රික් එඩ්වර්ඩ්ස් 13 (පන්දු 42, 4x2)
සීක්කුගේ ප්‍රසන්න 5/24 (පන්දුවාර 15)
විශ්ව ප්‍රනාන්දු 1/17 (පන්දුවාර 7)
අශාන් ප්‍රියන්ජන් 1/1 (පන්දුවාර 2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

