ශ්‍රී ලංකාව ලකුණු 113 ඉදිරියෙන්
(UPDATE) සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට ක්‍රීඩාව නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකට ලකුණු 76ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 8ක් අතැතිවය. දිනේෂ් චන්දිමාල් (5), කෞෂා් සිල්වා (31) නොදැවී කඩුල්ලේ රැදී සිටිති.
දිමුත් කරුණාරත්න (0), කුසල් මෙන්ඩිස් (39) දැවී ගිය ක්‍රීඩකයෝ වෙති. ජෙරෝම් ටේලර් හා ජොමෙල් වැරිකන් අතරේ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
සංචාරක කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 163කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. පි. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම මේ වන විට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ඊයේ (22දා) ලකුණු 200කට සීමා විය.
ඒ අනුව ලකුණු 37ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබේ. දෙවැනි දිනය ආරම්භය තරමක් ප්‍රමාද විය.
කොදෙව් කණ්ඩායමේ කඩලු හතරක් දවා ගැනීමට ප්‍රසාද් සමත් වූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු තුනක් දවාගත්හ. තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන කඩුලු දෙකක් දවා ගැනිමට සමත්විය.
කොදෙව් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 47ක් රැස්කළ අතර ඔහු හැරෙන්නට වෙනත් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක විමට අවස්ථාව නොලැබුණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

