ක්රිකට් ලෝකයේ බලවත්ම රට ඉන්දියාවයි. ඉන්දියාවේ වෙසෙන ක්රිකට් ක්රීඩකයන්ද ලෝකයේ සිටින වැඩිම ආදායමක් ලබන ක්රීඩකයෝ වෙති. ඉන්දියාවේ බොහෝ දැන්වීම් වලට ක්රිකට් ක්රීඩකයන්ව යොදා ගනී. ඒ වෙනුවෙන් ඔවුන්ට කොටි ගණන් ගෙවනු ලබයි. මේ ස්ටිකරයක් හා පිත්තක් අතර ඇති කෝටි ගණනක ගිවිසුමක් පිළිබඳව වෙන කතාවකි.
ක්රිකට් ක්රීඩකයන්ගේ පිත්තේ අලවන ස්ටිකරය වෙනුවෙන් මේ වනවිට වැඩිම අයකිරීමක් කරන ක්රීඩකයා බවට පත්ව ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිය. ඔහුගේ පිත්තේ අලවා ඇති MRF ස්ටිකරය වෙනුවෙන් ඔහුට ගෙවන මුදල රුපියල් කෝටි 17.2 කි. එය ලෝකයේ පිතිකරුවෙක්ට සිය පිත්තේ ඇති ස්ටිකරය වෙනුවෙන් ගෙවන වැඩිම වටිනාකමයි.
රුපියල් කෝටි 12.9ක් සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් අය කරන දෝනි එහි දෙවැනි ස්ථානට පත්ව තිබේ. යුවරාජ් සිංට සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් ලැබෙන අගය රුපියල් කෝටි 8.6කි. ඉන්දියාවෙන් බැහරව ක්රීඩකයෙන් සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් අය කරන වැඩිම මුදලට හිමිකම් කියන්නේ දකුණු අප්රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස්ය. ඔහු අයකරන අගය රුපියල් කොටි 7.52කි. ක්රිස් ගේල්ට සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් ලැබෙන අගය රුපියල් කෝටි 6.45කි.