මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ කුසලාන වටයේ තරග මේ සති අන්තයේදී පැවැත්වේ. තරගාවලියේ පළමු අදියරේදී පළමු කාණ්ඩයේ 1 'ඒ' හා 1 'බී' යන කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථාන දිනාගත් කණ්ඩායම් 4 බැගින් දෙවැනි අදියරේ කුසලාන වටය සඳහා සහභාගී වේ.
ඒ අනුව කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝශප් , මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර කිංග්ස්වුඩ්, ගල්කිස්ස විද්‍යා හා බම්බලපිටිය ශාන්ත පීතර යන කණ්ඩායම් කුසලානයට තරග වදියි.
මේ අතර පළමු අදියරේදී එම කාණ්ඩයේ ද්විත්වයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දිනාගත් කණ්ඩායම් 4, තරගාවලියේ 1 'ඒ' හා 1 'බී' යන කාණ්ඩයන්ගේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථානය දිනාගත් කණ්ඩායම් 4 සමගින් %පළඟ^ ශූරතාව වෙනුවෙන් තරග වදී.
තරගාවලියේ පළඟ ශූරතාව සඳහා තරග පසුගියදා (25) ආරම්භ විය. මේ සඳහා බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර , මහනුවර ශාන්ත අන්තෝනි, කොළඹ ආනන්ද, පානදුර රාජකීය, කොටහේන ශාන්ත බෙනඩික්, නුගේගොඩ ශාන්ත ජෝන්, බොරැල්ල ඩී.එස්. සේනානායක හා කොළඹ තර්ස්ටන් යන විද්‍යාල සුදුසුකම් ලබා ඇත.
මේ අතර තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා මේ සතියේ තරග 4 ක් පැවැත්වේ. එහිදී කොළඹ ඉසිපතන විදුහල ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමගින් කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිටියේදීත්, ගල්කිස්ස විද්‍යා හා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාල අතර තරගය ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදීත්, බම්බලපිටිය ශාන්ත පීතර හා මහනුවර ත්‍රිත්ව විදුහල් අතර තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදීත්, කොළඹ රාජකීය හා මහනුවර කිංග්ස්වුඩ් විදුහල් අතර තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීත් පැවැත්වේ.