(Update)
වර්ෂාව හේතුවෙන් මේ වනවිට තරගය නවතා දැමීමට සිදුව ඇත. පළමුව පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම මේ වනවිට පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 50ක් රැස්කරනෙ සිටියි.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 02දී ලෝකේෂ් රාහුල් ලකුණු 02ක් රැස්කරගෙන සිටියදී ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය. දෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 14දී අජින්කේ රහානේ, නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටකට හසුව දැවී ගියේය. ඒ වනවිට ඔහු ලකුණු 08ක් රැස්කරගෙන සිටියේය.
ඡායාරූප ශාන්ත රත්නායක
කුසල්ට ටෙස්ට් වරම්
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (28දා) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තොරාගත්තේය.
මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට කුසල් ජනිත් පෙරේරාට හැකිවිය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 130 වැනි ක්‍රීඩකයාය. ඊට අමතරව උපුල් තරංග කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් ජෙහාන් මුබාරක්ට හා දුෂ්මන්ත චමීරට ස්ථාන අහිමිවී ඇත.
ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර, ඒ අනුව චෙටේෂ්වර් පුජාරා හා නමන් ඕජා ඉන්දීය කණ්ඩායම කැඳවා ඇත. නමන් ඕජා ක්‍රීඩාකරන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙය වන අතර, ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 285 වැනි ක්‍රීඩකයාය.