කුසල් මෙන්ඩිස් හා ළහිරු කුමාරගේ ක්‍රීඩා රටාවන්ගේ යම් ධනාත්මක තත්ත්වයක් තිබුණද තරගයේදී තම කණ්ඩායම වැරදි රාශියක් සිදු කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පෙරේදා (10දා) ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර, පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවේදීය.
මෙහිදී අදහස් දැක් වූ චන්දිමාල්,
“අපි තරගයේදී වැරදියටයි ක්‍රීඩා කළේ. අපේ පන්දු රැකීම පළමු දිනයේදී සැලකිය යුතු මට්ටමින් තිබ්බේ නෑ. අත්‍යාවශ්‍ය උඩපන්දු කිහිපයක්ම මගහැරුණා. මේ වැරදිවලින් අපි යමක් ඉගෙනගත යුතුයි. කෙසේ වෙතත් අපිට ධනාත්මකව ගන්න පුළුවන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිම. යොවුන් ක්‍රීඩකයෙකු විදිහට තරගයේ ඔහුගේ ඉනිම් දෙකම ඉතාම විශිෂ්ටයි. ඒ වගේම ළහිරු කුමාරගේ පන්දු යැවීමත් ඒ ආකාරයෙන්ම ඉහළ තත්ත්වයක තිබ්බා. නමුත් තරගයේ සියලු ගෞරව හිමිවිය යුත්තේ කොදෙව්වන්ටයි. තරගයේ දින 05 පුරාවටම ඔවුන් ඉහළම මට්ටමින් ක්‍රීඩා කළා“ යැයි පැවසීය.
මෙහිදී ධනංජයද සිල්වා පිළිබඳවද අදහස් දැක් වූ චන්දිමාල් මෙසේ පැවසීය.
“ධනංජය අවසන් වරට ක්‍රීඩා කරපු තරගවලදී අංක 03 ස්ථානයේ ඉතා හොඳින් ක්‍රීඩා කළා. අපි හිතනවා ඔහු ඉදිරියේදී ක්‍රීඩා කරයි කියලා.“