නැවත වරක් ක්‍රියාත්මක වූ කුසල් ජනිත්ගේ ශතක ඉනිම හේතුවෙන් සංචාරක පාකිස්තානු ඒ කණ්ඩායම පරාජය කර සූරියවැවදී ඊයේ (29දා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම නිලනොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලිය නිමාවීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකිවිය.
පාකිස්තානු ඒ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 265/9 ක් රැස්කිරීමට සමත්විය. පාකිස්තානු ඒ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර, ඒ වනවිට ඔවුන් ලකුණු 213/7 ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් ඒ වනවිට ඔවුන් ජය ලැබීමට නම් රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 221 ක් බැවින් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
ශ්‍රී ලංකා ඒ 265/9 (පන්දුවාර 50)
කුසල් පෙරේරා 110 (110), ධනුෂ්ක ගුණතිලක 33 (50), අශාන් ප්‍රියන්ජන් 25 (36), අසේල ගුණරත්න 23 (15), ශෙහාන් ජයසූරිය 21 (43), කිත්රුවන් විතානගේ 18 (15), මිලින්ද සිරිවර්ධන 18 (19)
පාකිස්තාන ඒ පන්දු යැවීම
සියා උල් හක් 3/63 (10), ටබිෂ් ඛාන් 3/53 (10), මිර් හම්සා 2/49 (10), සාෆර් ගොහාර් 1/49 (10)
පාකිස්තාන ඒ 213/7 (පන්දුවාර 40)
කුරාම් මන්සූර් 69 (90), ෆාවඩ් අලාම් 65 (74), ඉසරුල්ලාහ් 29 (18), මුක්තාර් අහමඩ් 20 (19)
ශ්‍රී ලංකා ඒ පන්දු යැවීම
තරිඳු කෞෂාල් 3/44 (8), ශෙහාන් ජයසූරිය 2/31 (8), දුෂ්මන්ත චමීර 2/36 (7)