එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාගණයේ ඊයේ නිමාවූ තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ (04දා) සමත්වූයේය. එංගලන්ත ලයන්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පරහරදෙමින් පන්දුවා 42.5කදී සියලු දෙනා ලකුණු 217ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 201ක් රැස්කර තිබුණේ පන්දුවාර 28.4කිනි. ඒ වන විට තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 83කි.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 70ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 121ක් නොදැවී රැස්කරගෙන සිටියහ. කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගයද ජයගත්තේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි.