සංචාරක පාකිස්තාන 'ඒ' කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ඊයේ (20දා) ආරම්භ වූ තෙවැනි සහ අවසන් තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු දිනයට තරගය නිමා කරන විට සියලුදෙනා දැවී ලකුණු 273 ක් රැස්කළේය.
තරග තුනකින් සමන්විත නිල නොවන සිවුදින තරගාවලියේ අවසන් තරගය ඊයේ (20දා)රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අාරම්භ විය.
පළමු දිනය වූ ඊයේ පස්වරුවේ ක්‍රීඩාව අවසන් වන විට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.
නිසල තාරක හා කුසල් පෙරේරා හත්වැනි කඩුල්ලට පන්දු 168 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවූහ. ෆාවාඩ් අලාම් ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළේය.
පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමේ නායක ෆාවාඩ් අලාම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.