තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තාවකාලික තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු කුසල් ජනති පෙරේරා එම චෝදනා වලින් නිදහස් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11දා) රාත්‍රියේ නිවේදනය කළේය. ඒ අනුව මින් ඉදිරියට කුසල්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර හා පළමු පෙළ තරග තහනම ඉවත්වනු ඇත.
කුසල්ට පැනවූ තරග තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් අද (12දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ නමුත් කුසල්ට පසුගිය වසරේදී පැනවූ මෙම තරග තහනම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය, ඉන්දීය විස්සයි20 තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මඟහැරී ගියේය.