(UPDATE) ආබාධයක් හේතුවෙන් අද තරගයට එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් තරග නොකරන අතර ඒ වෙනුවට එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔයින් මෝගන්ට හිමිව තිබේ.
---------------------------------------------------------------------------------------------------
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද (25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි එක්දින තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව එංගලන්ත වාර්තා සඳහන් කරයි.
ඔහුගේ දකුණු ඉකිලියේ අතිවී තිබෙන ආබාධයක් මේ සඳහා හේතු වී තිබේ. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය අද (25දා) පස්වරු තුනට ආරම්භ වීමට නියමිතය.