එංගලන්ත ක්රිකට් ක්රීඩක ක්රේග් කීස්වෙටර් අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. පසුගිය වර්ෂයේදී පන්දුවක් වැදීමෙන් සිය ඇසෙහි ඇතිවූ ආබාධය මෙම සමුගැනීමට මූලික හේතුව බව හෙතෙම පවසා ඇත.
එමෙන්ම තමා දැන් මානසික වශයෙන් ක්රීඩාවට නුසුදුසු ලෙස හැඟන බව හෙතෙම පවසා ඇත.
"මේ තීරණය ගැනීමට මට ඉතාම අපහසු වුණත් ගත යුතු නිවැරදිම තීරණය මෙය බවයි මට හැඟෙන්නේ. මගේ ක්රීඩා ජීවිතය විශාල වශයෙන් නැගීමට හා බැසීමට ලක්වුණා. නමුත් ඒ කිසිවක් සම්බන්ධයෙන් මගේ කනගාටුවක් නෑ."යැයි කීස්වෙටර් පවසයි.
එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙසද ක්රියා කළ කීස්වෙටර් 2010 පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ වීරයා බවට පත් වුණේ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක අවසන් තරගයේ වීරයා බවට පත් වූ පළමු එංගලන්ත පිතිකරුවා වෙමිනි.
කෙසේ වෙතත් පසුගිය වර්ෂයේදී පැවැති එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගයක් අතරතුරදී කීස්වෙටර්ගේ ඇසේ පන්දුවක් වැදීමෙන් ඔහු බරපතළ ලෙස තුවාල ලැබීය.