ශ්රි ලංකා ක්රිකට් ආයතනය මගින් මෙහෙයවන "සුපර් 4" ක්රිකට් තරගාවලිය ඊයේ (27) කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී ආරම්භ විය.
'වෙස්ටන් ටෲපර්ස්' කණ්ඩයමට ලකුණු 44 ක ජයක්
පළමු තරගය කිත්රුවන් විතානගේ විසින් නායකත්වය දරන 'වෙස්ටන් ටෲපර්ස්' කණ්ඩයම හා තිසර පෙරේරා නායකත්වය දරන 'යුත් යාල් බ්ලේසර්ස්' කණ්ඩයම අතර පැවතුනි. 'වෙස්ටන් ටෲපර්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 8 ක් දැවී ලකුණු 165 ක් රැස් කරගන්නා ලදී. පිලිතුරු වශයෙන් යුත් යාල් බ්ලේසර්ස්' කණ්ඩයමට ලබා ගැනීමට හැකි වූවේ පන්දුවාර 17.2 තුලදී සියලු දෙනා දැවී ලකුණු 121 ක් පමණි. මෙම තරගයෙදී 'වෙස්ටන් ටෲපර්ස්' කණ්ඩයම නියෝජනය කරන කෝසල කුලසේකර තරගයේ වීරයා වූ අතර ඔහු පන්දු 23 දී හතරේ පහර තුනක් හා හයේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය.
'උඩරට රූලර්ස්' කණ්ඩයමට කඩුලු 7 ක ජයක්
දෙවන තරගය ලසිත් මාලිංග විසින් නායකත්වය 'දරන සදර්න් එක්ස්ප්රස්' හා උපුල් තරංග විසින් නායකත්වය දරන 'උඩරට රූලර්ස් කණ්ඩයම' අතර පැවතුනි. 'සදර්න් එක්ස්ප්රස්' කණ්ඩායම පන්දුවාර 19.5 තුලදී සියල්ලක්ම දැවී 141 ක් රැස් කරගන්නා ලදී. පිලිතුරු වශයෙන් 'උඩරට රූලර්ස්' කණ්ඩයම පන්දුවාර 17.2 තුලදී කඩුලු 3 ක් පමනක් දැවී තරගය ජය ගැනීමට සමත් විය. 'උඩරට රූලර්ස්' කණ්ඩයමේ නායක උපුල් තරංග පන්දු 34 කදී හතරේ පහර දහයක් හා එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 59 ක් රැස් කරගනිමින් කණ්ඩායම ජයග්රාහණය කරා රැගෙන යාමට සමත් විය.තරගයේ වීරයා පන්දුවාර 3.5 ක් තලදී ලකුණු 38 ට කඩුලු 04 ක් බිද දැමූ 'උඩරට රූලර්ස්' කණ්ඩයමේ අසේල ගුණරත්නට හිමි විය.