කැලණිය විශ්වවිද්‍යාලය මගින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ සය සාමාජික හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා ද්විත්වයම මොරටුව විශ්වවිද්‍යාලය විසින් හිමිකරගන්නා ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පසුගිදා (07දා) ලීග් ක්‍රමයට තරගාවලිය පැවැත්විණ.
පිරිමි අවසන් තරගයේදී මොරටුව විශ්වවිද්‍යාලය හමුවේ ගෝල 2-1ක් වශයෙන් රුහුණු විශ්වවිද්‍යාලය පරාජය වූ අතර, කාන්තා අවසන් තරගයේදී ගෝල 2-0 මොරටුව විශ්වවිද්‍යාලය හමුවේ සත්කාරක කැලණිය විශ්වවිද්‍යාලය පරාජයට පත්විය.
දක්ෂම හොකී ක්‍රීඩකයා ලෙස බී.එල්.ඩී.එම්.කේ. ජයරත්නත් දක්ෂතම හොකී ක්‍රීඩිකාව ලෙස එම්.පී.ඩී.එස්. ශ්රිරෝමාලිත් සම්මාන දිනාගත්හ.