සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර හැමිල්ටන්හි අද (08දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 55 ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.
මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමටද නවසීලන්තයට හැකිවිය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 247 ක් ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 43.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි.
සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246 ක් පමණි. සිය අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගී වූ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 47 ක් රැස්කළේය. පන්දු 27කදී ගොඩනැගුණු මැකලම්ගේ ඉනිමට හහේ පහර 03 ක් හා හතරේ පහර 06 ක් අන්තරගත විය.තරගයේ වීරයා ලෙස ඉෂ් සෝධි සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව