මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි 2 කට විකිණෙයි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු හා දෙවැනි තරග ශ්‍රී ලංකාවට දිනාදීමේ පුරෝගාමියා වෙමින් එම තරග ද්විත්වයේ වීරයා බවට පත් වූ අසේල ගුණරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මුදලකට අලෙවි වී තිබේ. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ක්‍රීඩක වෙන්දේසියේදීය. ඒ අනුව අසේලට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් හැටහත් ලක්ෂ පනස් දහසක් (67,50000) හිමිවීමට නියමිතය.
අසේලව අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත්තේ ශ්‍රී ලංකා සුපිරි හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය හොබවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගද ඇතුළත්ය.
බැංගලෝරයේදී අද (20දා) උදෑසන ආරම්භ වූ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්ය. ඔහුව ඉන්දියානු රුපියල් කෝටි 14.5 කට මිලදී ගැනීමට පූනේ කණ්ඩායම සමත් විය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි 02 ක මුදලකට අලෙවි වී තිබේ. ඔහුව මිලදී ගෙන ඇත්තේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමයි.