ශ්රී ලංකාවට ලකුණු 168ක පරාජයක්
UPDATE
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 168ක පරාජයක් ලැබීය. ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි.
මැතිව්ස් ලකුණු 70ක් රැස්කළ අතර සිරිවර්ධන ලකුණු 39ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී කුල්දීප්, පාණ්ඩ්යා හා භුම්රා කඩුලු දෙක බැගැන් දවාගත්හ.
ඉන්දියාව එක්දින තරගාවලියද 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.
ඉන්දියාවෙන් ලකුණු 375ක දැවැන්ත ඉලක්කයක්
කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 නිමාවන විට කඩුලු 05ක් බිඳවැටී ලකුණු 375ක් ලබාගැනීමට සමත් විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 131ක් ලබාගත් අතර, රෝහිත් ශර්මා ලකුණු 104ක් ලබා ගනිමින් ශතක රැස් කළේය.
පාණ්ඩ්යා නොදැවී ලකුණු 50ක් රැස්කර ගෙන සිටි අතර, දෝනි නොදැවී ලකුණු 49ක් රැස්කර ගනිමින් ඉන්දීය ඉනිම ලකුණු 375ක් දක්වා රැගෙන ගියේය.
ඉන්දීය ඉන්මේ කඩුලු බිඳ දැමීමේදී මැතිව්ස් කඩුලු 2ක් සහ මාලිංග, අකිල, ෆනැන්ඩෝ කඩුල්ල බැගින් බිඳදැමීමට සමත්වූහ.

සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දියානු ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී සමත්විය.
ඒ අනුව ප්රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම තීරණය කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

