ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන යාන්ත්‍රණය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවත් කාලය කා දැමීම වෙනුවෙන් තමන්ව භාවිත නොකරන ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ
නැංවීම වෙනුවෙන් මහේල, සංගා, අරවින්ද, මුරලි හා මහානම යන හිටපු ක්‍රීඩකයන්ගේ උපදෙස් ලබාගන්නා ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට දන්වා තිබුණි. ඒ අනුව ඊයේ දිනයේදී අමාත්‍යවරයා විවෘතව එම ආරාධනාව කළේය.
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේන් අදහස් දක්වමින් මහේල ඉහත අදහස් දැක්වීය.
"ක්‍රිකට් තේරීම් කමිටුවටත්, ක්‍රීඩා අමාත්‍යවරයාටත් ගරු කරනවා. ක්‍රිකට් කමිටුවේ වසරක කාලයක් හා විශේෂ උපදේශක කමිටුවේ මාස හයක් මම කටයුතු කළත් කිසිඳු නිර්දේශයක් ක්‍රියාවට නැංවූයේ නෑ. මේ යාන්ත්‍රණය ගැන මට කිසිඳු විශ්වාසයක් නෑ. කාටහරි කාලය කා දමන්න ඕන නම් කරුණාකර අපිව භාවිත කරන්න එපා" යැයි මහේලගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.