ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ වැනීසා ද සිල්වා මහත්මිය එම තනතුරෙන් ඉවත් කර, ඒ වෙනුවට ඉදිරියේදී හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන අප්සාරි තිලකරත්න මහත්මිය පත්කිරීමට නියමිත බව 'අද' ට වාර්තාවේ.
මේ පිළිබඳ අප වැනීසා මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඇය පවසා සිටියේ තමාටද එවැනි කරුණක් වාර්තා වූ බවත්, එහෙත් මේ වනතෙක් ලිඛිතව එය තමන් වෙත දන්වා නොමැති බවත්ය.
එමෙන්ම මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසන ලෙසද ඇය කියාසිටියාය.
මේ පිළිබඳ කරුණු විමසීමට අවස්ථා කිහිපයකදී අප ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, ඔහු දුරකථනයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් ඊයේ (08දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවන් මාරු කිරීමේ (Rotate System) ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බවයි.
වැනීසා ද සිල්වා මහත්මිය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස සේවය කරන අතර, මෙරට පළමු නායිකාව ලෙසද ඇය ප්‍රසිද්ධය.