ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා ක්‍රීඩා සංගම්හි නිලවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර එම ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමත්‍ය නවීන් දිසානායක මහතා ජාතික ඔලිම්පික් කමිටුවට උපදෙස් දී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් හා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර පසුගිය සිකුරාදා (06දා) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ උපදෙස් ලබාදී තිබේ.
එසේම අදාළ කටයුතු වේගවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන අතර, ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ එකඟතාවද ලැබී තිබේ.