www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
පසුගිය කාලයේ ක්‍රීඩා ක්ෂේත්රයේ ඇදවැටීමක් තිබූ බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම ගැන කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙකුට දොස් නොකියන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, එම පදක්කම ජයග්‍රහණය කර පහළොස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (07දා) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර සිටියේ, එවකට තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට එම කටයුතු නිදහසේ හා ස්වාධීනව කිරීමට තිබූ අපහසුතාවන් පිළිබඳව අවබෝධයක් තිබෙන බවත් නමුත් ක්‍රීඩා ක්ෂේත්රයේ කටයුතු ඊටත් වඩා අන්ත තත්ත්වයක තිබූ බවත්ය.
"ප්‍රධාන වශයෙන් අපේ රටේ ක්‍රීඩාව ගැන කතාකරන විට ගෙවීගිය දශක කිහිපය තුළ අපි ජාතික සහ අන්තර්ජාතක වශයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඒ තුළ සුසන්තිකා ජයසිංහ අපි කාගේත් ගෞරවයට ආදරයට සහ භක්තියට ලක්වූ, විශේෂයෙන් අපේ රටේ කීර්තිනාමය ලෝකය පුරා ප්‍රචලිත කළ ක්‍රීඩිකාවක්.
අපේ ක්‍රීඩා ක්ෂේත්රයේ දශක කිහිපයකලැබූ ජයග්‍රහණ දෙස බැලීමේදී පසුගිය කාලය තුළ ක්‍රීඩා ක්ෂේත්රයේ යම් ඇදවැටීමක් අපි දැක්කා. එවැනි තත්ත්වයක් ඇතිවීම ගැන ඒ කාලයේ සිටිය කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙකුට මම දොස් කියන්නේ නැහැ. මම දන්නවා ඒ කාලයේ ඇතිවෙලා තිබුණු තත්ත්වයන් මොනවද කියලා. මම සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ මට එම අමාත්‍යධුරයේ ස්වාධීනව වැඩකරන්න ලැබුණේ නැහැ.
එසේ නොවුණානම් සෞඛ්‍ය ක්ෂේත්රයේ මීට වඩා වෙනසක් කරන්න තිබුණා. නමුත් ක්‍රීඩා ක්ෂේත්රයේ මුහුණුදුන් ප්‍රශ්න ඊට වඩා අන්තයි. එමනිසා රජය විදියට ක්‍රීඩා ක්ෂේත්රය දියුණු කරන්න අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා " යැයි පැවසීය.
සුසන්තිකා, ඇගේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇමරිකානු ජාතික ටෝනි කැම්බල් මහතා සමඟ
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd