ක්‍රීඩා සංගම් හා ආයතනවලට දේශපාලනය ඇතුළු වි ඇති බවත් එම ක්‍රමය වෙනස් කිරීමට රජය කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය-වැය කතාව ඉදිරිපත් කරමින් පසුගියදා (20දා) පැවැසීය.
එසේම ජවන හා පිටිය තරගවලදී මෙන්ම තෝරාගත් තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක් හරහා ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට දැරීමට සිදුවන වියදම් රජය විසින් දරන බවත් ඔහු පැවසීය. මුදල් අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව මෙසේද කියා සිටියේය.
"ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී දක්ෂතා ක්‍රමානුකූලව හීනවෙමින් පවතිනවා. ක්‍රීඩා සංගම් සහ ආයතනවලට දේශපාලනය ඇතුළුවීම නිසා ඒවා අකර්මණ්‍ය බවට පත්ව තිබෙනවා. රටේ ක්‍රීඩාවේ උන්නතියට බාධා පමුණුවන මෙම ක්‍රමය වෙනස් කිරීමට රජය ඇපකැප වී සිටිනවා.
රට කුඩා වුවත් ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා තිබෙන තරුණ තරුණියන් ඉන්නවා. එහෙත් දක්ෂතා ඇති තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා වැඩි දියුණු කළ යුතු දක්ෂතා හඳුනා ගැනීමට හා සොයා බැලීමට ක්‍රමයක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ට එකට එකතු වී වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ජාතික ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දරන සම්පූර්ණ වියදම හා තෝරාගත් ක්‍රීඩා කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් විසින් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමේදී දී දරන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමට යෝජනා කරනවා.
නොදියුණු ප්‍රදේශවල ක්‍රීඩා උපදේශක කටයුතු ඇතුළත්ව පුහුණු පහසුකම් ආරම්භ කිරීම සඳහා පෞද්ගලික අංශය උනන්දු කරනවා. මේ සඳහා සහනදායි ණය පහසුකම් හා ඉඩම් ලබාගැනීමට යෝජනා කරනවා.
ක්‍රීඩා දියුණු කිරීමට ඇති කැපවීම අනුව විදේශීය පුහුණුකරුවන් මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමට ළඟාවීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට විදේශ රාජ්‍යයන් සමග සාකච්ඡා කිරීමට යෝජනා කරනවා.
ඉහත කරුණු අනුව ඉටු කරලීම සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර අය-වැයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 3321ක් වෙන් කර ඇත.