ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා පත්කිරීමට රජය කටයුතු කොට තිබේ.
එහි හිටපු ලේකම් එම්. අයි. එම්. රාෆික් මහතා අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට අනියුක්ත කොට තිබේ.
අමාත්‍යාංශ 44ක් සඳහා ලේකම්වරු 44 දෙනෙකු පත් කිරීමඅද (08දා) පස්වරුවේදී ජනපති ලේකම් කාර්යාලයේදි සිදුවිය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්කිරීම් සිදු වූ අතරඅග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා සහ අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා සිය පත්වීම් ලිපිය ලබාගනිමින්
එම්. අයි. එම්. රාෆික් මහතා සිය පත්වීම් ලිපිය ලබාගනිමින්