ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තිබෙන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවේචනය නොකරන්නැයි මාධ්‍ය ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවැසීය.
ඓසේම තේරීම් කමිටුව විවේචනය නොකරන ලෙසත් තමාව පුළුවන් තරම් විවේචනය කරන ලෙසත් ඔහු පැවැසීය.
ඊයේ (07දා) රාත්‍රිෙය් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නම් කළ අතර ඔවුන්ව මාධ්‍යයට හදුන්වාදීමේ හමුව අද (08දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදී අරවින්ද මේ බව සඳහන් කළේය.
තමා මෙන්ම සංගා ඇතුළු තේරීම් කමිටුවේ කාල සීමාව අප්‍රේල් 30 දක්වා වලංගු බවත් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව තනතුර බාරගත් බවත් ඔහු සඳහන් කළේය.