ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් වර්ධනය විය යුතු බවත්, ඇතැම්විට ක්‍රීඩකයන්ට වඩා විනිසුරුවරුන්ට ක්‍රිකට් තරගවලදී ගෙවීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් විදෙස් රටවල් සඳහා ක්‍රීඩා කිරීමට පෙළඹෙන බවද ඔහු සඳහන් කළේය.
ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙනයාම පිළිබඳව අවධානය යොමුකරන බවත්, දැනට ක්‍රියාත්මක වන තුන් දින තරග දින පහක් දක්වා ක්‍රීඩා කළ යුතු බව තමන්ගේ අදහස බවත් මහේල සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීමට නම් ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් හා පාසල් ක්‍රිකට් ශක්තිමත් කළ යුතු බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ (28දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.