එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්රීඩකයා බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්රිස් ගේල් මීට සුළු මොහොතකට පෙර ඉතිහාසයට එක්විය.
මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගැනිමත් සමගිනි. මෙය එක්දින ක්රිකට් පිටියේ වාර්තා වූ පස්වැනි දිවිත්ව ශතකය වන අතර එසේම ඉන්දියානු නොවන ක්රීඩකයෙක් රැස්කළ පළමු ද්විත්ව ශතකයද වෙයි.
කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 0දී දැවී ගිය අතර ඉන් අනතුරුව ගේල් හා සැමුවෙල්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 372ක සබඳතාවක් ගොඩනැගූ අතර එය එක්දින ක්රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම සබඳතාවයි.
49 පන්දු වාරයේ අවසන් පන්දුවේදී ගේල් දැවී නොයන්නට එම සබඳතවා නොබිඳුණු සබඳතාවක් බවටත් පත්වීමට ඉඩ තිබිණ.
ද්විත්ව ශතක රැස්කළ ක්රීඩකයන්
එක්දින ක්රිකට් පිටියේ ඉහළම සබඳතා