ජනවාරි මාසයේ මුල් සතියේදී ක්‍රිකට් නිලවරණය පවත්වන බවත් ඒ සඳහා වන කටයුතු මේව විට සිදුකරගෙන යන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද (29දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසූ අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට සියලුම අතුරු කමිටු අහෝසි කර නිලවරණ සඳහා යොමුවන බවත් සඳහන් කළේය.
දැනට පවතින අවුරුදු හතරේ නීතිය අවුරුදු 8 දක්වා දීර්ඝ කරන බවද ක්‍රීඩාවේ ගැටලු විසඳීමට ක්‍රීඩා අධිකාරියක් පිහිටුවන බවත් ඔහු පැවැසීය.
අවුරුදු හතරේ නීතිය අහෝසි කිරීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මම බලාපොරොත්තු වෙනවා අවුරුදු හතරක තියෙන නීතිය අහෝසි කරලා උපරිම කාලය අවුරුදු අට දක්වාත්, අවස්ථා දෙකකදී සභාපති හෝ ලේකම් තනතුර සඳහා තරග කරන්න පුළුවන්. සභාපති හෝ ලේකම් ලෙස අවුරුදු අටක් කටයුතු කළාට පස්සේ එක ධුර කාලයක් එළියේ ඉන්න ඕන. ඊට පස්සේ නැවතත් ඔහුට තරග කරන්න පුළුවන්. සමහර සංගම්වල අවුරුදු දෙකෙන් දෙකට තමයි ඡන්ද තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්නත් වෙනවා. මේවා ගැන සාකච්ඡා අවසන් වටයේ තියෙන්නේ.”