ක්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග කිරීමට ඉදිරි සති කිහිපයේදී තීරණයක් ගන්නා බවත්, මේ දක්වා සභාපති ධුරයට තරග කිරිමට තීරණයක් ගෙන නැතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම, වරාය හා නාවික ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම ක්‍රිකට් සභාපති ධුරයට තමන් ඉදිරිපත් වන්නේ නම් එය සිදුකරන්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට කිරීමට බවත් එක් එක් පුද්ගලයන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රිකට් සභාපති ධුරයට ඉදිරිපත් වීමට ක්‍රීඩා සමාජ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි අර්ජුණ රණතුංග මහතා පවසයි.