ජාතික බැඩ්මින්ටන් සංගමය සේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඉදිරියේදී ජාත්‍යන්තර තහනමකට ලක්වීමේ අවදානමක් ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා ක්‍රීඩාවට කළ සේවය අගයමින් ආදි ආනන්ද එකමුතුව, ජාතික නිදහස් ක්‍රීඩා පදනම සහ සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා සංවිධානය අද (13දා) මහරදී සංවිධානය කර තිබූ ක්‍රීඩා හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා, "අද ජාතික බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර තහනමකට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව සුදුසු පුද්ගලයෝ සුදුසුතැන්වල නොසිටීම. අද ඇමතිවරු පස්සේ ගිහිල්ලා, ඇමතිවරුන්ට මුදල් වියදම් කරලා ක්‍රීඩා සංගම්වල සභාපතිකම්වලට යන අය ඉන්නවා. ඒ වගේම ක්‍රීඩාව කළේ නැති වුණත් සුදුසු පුද්ගලයෙක් බලයට පත්කිරීමේ බලය අමාත්‍යවරයාට තියෙනවා. නමුත් පත්කරන පුද්ගලයන් ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන අය වෙන්න ඕන. බැඩ්මින්ටන්වල වුණේ නුසුදුසු පුද්ගලයන් පැමිණීම".
"බැඩ්මින්ටන් වගේම ඉදිරියේදී ක්‍රිකට් ආයතනයත් තහනමට ලක් වුණොත් මම පුදුම වෙන්නේ නැහැ. මම දැක්කා පසුගිය කාලේ ක්‍රිකට් ආයතනය දූෂිත ආයතනයක් කියලා ක්‍රීඩා ඇමතිවරයාම කියනවා. නමුත් මේකේ අවාසනාව මෙතැනයි. චෝදනා එල්ල වූ පාලක මණ්ඩලයේ හිටපු භාණ්ඩාගාරිකම අතුරුපාලක කමිටුවේ භාණ්ඩාගාරික කරනවා. එතකොට අපිට කොහොමද විශ්වාසයක් ඇති වෙන්නේ. මේ හිතවත්කම්වලට ක්‍රීඩාව දියුණු කරන්න බැහැ. හොඳ පුදුගලයෝ අපි පරිපාලනයට යෙදවිය යුතුයි" යනුවෙන්ද මෙහිදී අර්ජුන රණතුංග මහතා පැවසීය.
"පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මගෙන් ඇහුවා ක්‍රීඩා ඇමතිවරයා වෙන්න කැමතිද කියලා. මම ඒ අවස්ථාවේ කිව්වා නැහැ කියලා. නමුත් ක්‍රීඩාවට ආදරේ කරන මම ක්‍රීඩාව ගැන ලොකු අවධානයකින් සිටින්නේ. අද වුණත් මම පත්තරය බලන්න පටන් ගන්නේ අන්තිම පිටුවෙන්. අවසන් කරන්නේ ඉස්සරහ පිටුවෙන්. මොකද මම ක්‍රීඩාවට කැමැති නිසා. මේ රටේ අපි ජනප්‍රිය වුණා නම් ඒ ක්‍රීඩාවෙන්. අපේ දරුවොත් ඕනම ක්‍රීඩාවකට දස්කම් දක්වන දරුවෝ. මම ඒක නගරවලදී පමණක් නෙවෙයි ගම්වලදීත් දැකලා තියෙනවා. ඒ දස්කම් උත්පත්තියෙන්ම එන දස්කම්. නමුත් මේ දක්ෂතා ආරක්ෂා කරගන්න, දක්ෂතාවලින් ප්‍රතිඵල නෙළාගන්න අපිට පහුගිය කාලේ බැරි වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ අනවශ්‍ය දේශපාලන අතගැසීම්" යැයි පැවසීය.