තරග සංචාර අතරතුරදී ක්‍රිකට් ආයතනය සංවිධානය කරන භෝජන සංග්‍රහවලට හැර පෞද්ගලික භෝජන සංග්‍රහ සඳහා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහභාගිවිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අනාවරණය කර සිටියේ, විනයක් සහිතව කණ්ඩායම ආරක්ෂාකරගෙන ඉදිරියට යා යුතු බවත්, එසේ නොවුවහොත් ලෝකයේ සියලු දෙනා ශ්‍රී ලංකාව දෙස අපකීර්තියෙන් බලනු ඇති බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"විනයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. රටක් විදියට අපකීර්තියකින් ලෝකයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි දිහා බලන්නේ. අපි මේ සියලු දේවල්වලට මුහුණදෙන්න ඕන. එමනිසා අපි බොහොම පැහැදිලි තීරණයක් ගෙන තිබෙනවා, මින් ඉදිරියට විදෙස් සංචාරවලදී විවිධ පුද්ගලයන් සමග රාත්‍රී භෝජනය ගැනීමට හෝ වෙනත් කාරණාවලට ක්‍රීඩකයන්ට යන්න බැහැ. ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන කිසියම් හෝ රාත්‍රී භෝජන සංග්‍රහයකට පමණයි අවසර ලැබෙන්නේ. පෞද්ගලික නිවාසවලට ගිහින් මේ වැඩේ කරන්න ගියොත් විශාල ප්‍රශ්ණ ගණනාවකට මුහුණදෙන්න අපට සිදුවෙනවා" යැයි පැවසීය.
"ලංකාවෙන් පිටට ගියාම අපි දන්නවා අපටත්, ඕනෑම කෙනෙකුට ඕන තරම් සාදවලට, දිවා ආහාරවලට, උදේ කෑමට ආරාධනා කරනවා. ඒක තමයි ලංකාවේ හැටි. හැබැයි මැච් එක පැරදුණාම බැනුම් අහන්නත් වෙනවා. මැච් එක දිනුවනම් ඕය බැනුම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අහන්න වෙන්නේ නැහැ" යනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සිදුකළ නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි වූ එක්තරා සාදයක් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා විවිධ මත පළ වූ අතර, එම වාර්තා මගින් අනාවරණය කර සිටියේ අදාළ සාදයේදී ඇතැම් ක්‍රීඩකයන් අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවයි. ඒ හේතුවෙන් පසුදින පැවති විස්සයි20 තරගය ශ්‍රී ලංකාව පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූ බවද එහි සඳහන් විය. ඒ හේතුවෙන් වාර්තාවක්ද කැඳවීමටද සිදුවිය.