ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් ගැටලුව විසඳන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිහිටුවා මසක් ඇතුළත ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් සිදුකළ අභිවෘද්ධිය හා සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවේදී සභාපතිවරයා මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෙත්තමුණි මහතා පවසා සිටියේ ගිවිසුම්ගත ක්‍රීඩක සංඛ්‍යාව අඩුකරන බවයි. ඊට අමතරව පළමු පෙළ ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉහළ දමන බවද සභාපතිවරයා පවසා සිටියේය. ඒ අනුව මින් ඉදිරියට පළමු පෙළ තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩාකරන ක්‍රීඩකයෙකුට හිමිවූ රුපියල් 2500 වෙනුවට රුපියල් 7500 ගෙවන බව පවසා සිටියේය.