ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් රුපියල් කෝටි 65ක බැංකු අයිරාවක් අයදුම්කර තිබෙන බවත්, එයින් රුපියල් කෝටි 45ක් නිදහස් කිරීමට අදාළ රාජ්‍ය බැංකුව කටයුතු කර තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉතාමත් සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම මෙම මුදලින් රුපියල් කෝටි 30ක ප්‍රමාණයක් දැනටමත් විවිධ වියදම් සඳහා යොදවා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ලබාගත් බැංකු අයිරාව සඳහා මසකට රුපියල් මිලියන 7කට ආසන්න ප්‍රමාණයක පොලියක් ගෙවන බවත් දැනගන්නට තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ප්‍රතිපාදන ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති හෙයින් මෙම අයිරා පහසුකම ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, බැංකු අයිරාවක් ලබාගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්ව හා පැවැති සාකච්ඡාවේදී දැනුම් දුන් බවයි.
එසේම ලබාගත් අයිරාවේ වටිනාකම පිළිබඳව මෙන්ම ඒ වෙනුවෙන් ගෙවන පොලියට අදාළ තොරතුරු ලබාදිය නොහැකි බවත් ඔහු පවසා සිටියේය.
අයිරාවකට අයදුම්කර තියෙන්නේ අවශ්‍යතාවක් වුණොත් භාවිත කරනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
"ක්‍රිකට් ආයතනයට සම්බන්ධිත පාර්ශ්ව එක්ක අපි තියපු රැස්වීමේදී කිව්වේ අපිට අවශ්‍යතාවක් තියෙනවානම් අපි ඒ අයිරාව භාවිත කරනවා කියලයි. එච්චරයි කියලා තියෙන්නේ. ඕනෑම සමාගමක් කටයුතු කරගෙන යද්දී අයිරාවකට අයදුම් කරලා අවශ්‍යතාවක් වුණොත් තමයි වියදම් කරන්නේ.
අයිරාවක් ගත්තොත් කොහොමත් අපි පොලියක් ගෙවන්න ඕනනේ. අපි අයිරාවකට අයදුම්කර තියෙනවා. අවශ්‍යතාවක් වුණොත් තමයි ඒක භාවිත කරන්නේ. දැනට අපි කොච්චර භාවිත කරලා (අයිරාවේ මුදල්) තියෙනවද?, අපේ පොලී අනුපාතය කුමක්ද කියන තොරතුරු දෙන්න බෑ."